නිවසකට පහර දී පලායමින් සිටි 05ක් ආයුධත් සමඟ STF දැලේ

යාපනයෙ ගුරුනගර් ප්‍රදේශයේ නිවසකට පහර දි ත්‍රීරෝද රථයකින් පලායමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධ සමඟ
පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (15) දින යාපනය පොලිස් වසමේ යාපනය පොලිස් ස්ථානය අසල දී වැටලීමක් සිදුකර තිබුණා.

එහි දී යාපනය පොලිස් වසමේ ගුරුනගර් යාපනය ලිපිනයේ පදිංචි නිශාන්තන් යන අයගේ නිවසට පහර දි ත්‍රී රෝද රථයකින් පලායමින් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙදෙනෙකු කඩු 01ක් සහ යකඩ පොළු 02ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?