AFC Banner
AFC Banner
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට හෙට විශේෂ දිනයක්

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) දිනය නම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ, අනුව හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වෙනුවෙන් හෙට (03) දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2,090ක් විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා.

මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ ලබන 07 වනදා දක්වා සිදු කෙරෙන අතර, ඒ සඳහා කාර්ය මණ්ඩලය 8,000ක් යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?