AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද සිට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද (27) දිනයේ සිට ආරම්භ වනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බවයි.

මේ අතර නොවැම්බර් 03 ඉරිදා දිනය විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම දිනයේ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට නියමිත බවයි තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?