නිරෝධායන නීති කැඩුවාට සජිත් පිළට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් සහ පක්ෂ සාමාජිකයින් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ඊයේ පවත්වපු උද්ඝෝෂණයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට දැනුම් දීල තිබෙනවා.

උද්ඝෝෂණය පැවැත්වීමට පෙර පොලීසිය දැනුම්දී තිබුණේ නිරෝධායන නීති අනුව එය පැවැත්වීමට නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද දැනුවත් කර තිබුණා. එහෙත් පොලීසියේ උපදෙස් නොසලකා උද්ඝෝෂණය පැවැත්වීමට සමගි ජන බලවේගයේ ආධාරකරුවන් කටයුතු කර තිබුණා.

එහිදී සෞඛ්‍ය නිර්දේශ කඩකරමින් මීටරයක පරතරය නොතිබෙන සේ සිවිල් ජනතාවට ද අවහිර ඇතිවන ආකාරයෙන් මෙම කණ්ඩායම කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා. සිද්ධියට අදාළ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකා වෙතින් ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ද අධිකරණ පොලීසියට උපදෙස් දුන්නා.

  1. මේ පාහරයන් රටට හො ජනතාවට ආදරයක් තියෙන උන් නෙමෙ, උන් උන්ගෙ පාහර සක්කිලි දේෂපාලන අරමුන වෙනුවෙන් , නීති කඩමින් රට තවත් අගාදයට ගෙන යනවා