spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් හෙට දිනයේදී (30) ඉවත් වනු ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යවනු ලැබුවද ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම බාර නොගත් අතර එම තනතුරේ තවදුරටත් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට අනුව සියඹලාපිටිය මහතා මේ මාසයේදී පමණක් එම තනතුරේ කටයුතු කරගෙන ගියේය.

එම මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු ලබන නියෝජ්‍ය කතානායක ධුරය සදහා පාර්ලිමේන්තුව රැස්වෙන මැයි මස 4 වැනිදා එහි පළමු කටයුත්ත ලෙස නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නමද ආණ්ඩු පක්ෂය විසින් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නමද යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන අතර බොහෝ දුරට එය මැයි මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?