AFC Banner
AFC Banner
Empty Ad

නියඟයේ වගා හානි තක්සේරු කිරීම අරඹන ලෙස කෘෂි ඇමතිගෙන් උපදෙස්

නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳව තක්සේරු කිරීම ආරම්භ කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර පසුගිය වසරේ දී රුපියල් රුපියල් බිලියන 1.75 ක් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලෙස ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

අනුරාධපුර, ඉපලෝගම, කටුවැල්ලාගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භාකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,

“මෙම වසරේ දී වන්දි කොච්චර ගෙවන්න වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. නමුත් කොතරම් අමාරු වුණත්, රජය කොතරම් මුල්‍ය දුෂ්කරතාවක හිටියත්ල අපි ගොවිජනතාව ගොවිතැනට ගිහින් හානියක් වුණොත් ඒ සඳහා වන්දියක් ලබාදෙන්න සිද්ධ වෙනවා. වන්දියක් ප්‍රමාණවත් වෙන්නේ නැති බව ඇත්ත, අපි දන්නවා ගොවිජනතාවගේ බලාපොරොත්තුව කිසිම තැනක වගා හානි වුණාම, වතුර නැති වුණාම වන්දියක් අරගෙන පැත්තකට වෙන්න නෙමෙයි, එයාලට අවශ්‍යය අස්වැන්න නෙලාගන්න. මේ පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමින් ඉන්නවා.සහල් අතිරික්තයක් බලාපොරොත්තු වුණ අපිට දැන් සහල් හිඟයක් එයි කියලා සැකයක් මතු වෙලා තියෙනවා.එය කළමණාකරණය කරගන්න අවශ්‍යය පියවර අපි දැනටමත් ගන්නවා. සත්ත්ව ආහාර සඳහා පහුගිය කාළයේම දුන්නේ. හාල්, බියර් හදන්නත් දුන්නා. අපේ ගොවීන් වැඩිපුර නිෂ්පාදනය කරපු නිසා, දැන් අපි ඒවා නතර කරනවා. එතකොට යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒකත් එක්ක මේක කළමණාකරනය කරගන්න හැකිවෙයි. ඒ නිසා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තැනක කන්න පුලුවන් දේවල් අපි වගා කරමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?