AFC Banner
Empty Ad
Empty Ad

නින්ද ගිය රියදුරෙක් නිසා කළුතර – බණ්ඩාරගම මාර්ගයේ අනතුරක්

කළුතර – බණ්ඩාරගම මාර්ගයේ මහ ගෝනදූව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ සුඛෝභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එම රථ දෙකේම රියදුරන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි මොරන්තුඩුව පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේ දී රියදුරාට නින්ද යාම හේතුවෙන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ තීරෝද රථයක ගැටී තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථය සහ මෝටර් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ රියදුරන් දෙදෙනා කළුතර නාගොඩ මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, මොරන්තුඩුව, මාවල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි මෝටර් රථයේ රියදුරු පසුව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා වාද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අනතුර සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?