නින්ද ගිය රියදුරෙක් නිසා කළුතර – බණ්ඩාරගම මාර්ගයේ අනතුරක්

කළුතර – බණ්ඩාරගම මාර්ගයේ මහ ගෝනදූව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ සුඛෝභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එම රථ දෙකේම රියදුරන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි මොරන්තුඩුව පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේ දී රියදුරාට නින්ද යාම හේතුවෙන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ තීරෝද රථයක ගැටී තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථය සහ මෝටර් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ රියදුරන් දෙදෙනා කළුතර නාගොඩ මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, මොරන්තුඩුව, මාවල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි මෝටර් රථයේ රියදුරු පසුව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා වාද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අනතුර සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක, අපෙන් අහගන්න එපා - ඔයාගේ තාත්තා ගැන කියන්නද..?
03:49
Video thumbnail
රනිල්ගේ ප්‍රකාශයට හර්ශන රිදෙන්නම දෙයි - 2048 ගෙවන්න බැරි මනුස්සයා 2028ක් ගැන කියන්න ඕනි නෑ
01:42
Video thumbnail
රනිල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
09:23
Video thumbnail
"මම කොහොමත් බන්ධනාගාර නිරීක්ෂණය කරනවා"බන්ධනාගාර නිරීක්ෂණයට ගිහින් අධිකරණ ඇමති කිව්ව දේ
03:17
Video thumbnail
මොකද්ද මෙච්චර තදියම - උද්දච්ච වෙන්න එපා
09:29
Video thumbnail
මාස 3න් 3ට අපි වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
10:19
Video thumbnail
බස්නාහිරට විශේෂ ජල සම්පාදන මෙහෙයුමක් - ජලය අපතේයාම වළක්වන්නත් කටයුතු කරනවා
05:16
Video thumbnail
රනිල් කළේ කුරීරු ප්‍රකාශයක් - අපි සැලෙන්නේ නෑ
02:30
Video thumbnail
සජිත්ගේ කතාවට ලක්මාලිගෙන් උත්තරයක්
10:40
Video thumbnail
පාරිභෝගිකසේවා අධිකාරිය වහලා දාන්න ඕනි..වෙළෙඳ ඇමති ඉන්නේ කිරිපිටිකාරයා යටතේද ?
05:20