නිදහස සමරා එද්දී සිදු වූ අනතුරෙන් අයෙක් මරුට, හයක් රෝහලට (ඡායාරූප)

කල්පිටිය – පාලවිය මාර්ගයේ කුරිංචිපිට්ටි ප්‍රදේශයේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (04) මෙම අනතුර සිදුව ඇති අතර, මින් එක් ත්‍රිරෝද රථයක් පුත්තලම ප්‍රදේශයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයකට ගොස් නැවත පැමිණෙමින් තිබූ එකක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මියගිය පුද්ගලයා කල්පිටිය, මණ්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

WhatsApp Image 2024 02 05 at 10.40.02 AM 1
WhatsApp Image 2024 02 05 at 10.40.05 AM
WhatsApp Image 2024 02 05 at 10.40.03 AM
WhatsApp Image 2024 02 05 at 10.40.04 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?