නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ කෙතරම් ප්‍රමාණයකින් ආර්ථිකමය වශයෙන් නිදහස අත්පත් කරගැනීමට හැකිද යන කාරණාව මත බව ජනාධිපති අනුර කුමාර දිසනායක පවසනවා.
ඒ අනුව නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ, 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින්.
නිදහසෙන් පසු 78 වසර තුළ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද, හොඳ මෙන්ම නරක ද පවතින බවත්, කිසිඳු විටක නරක දෑ බැහැර කිරීමට පැකිළෙන්නේ නොමැති බවත්, කිසිසේත්ම හොද ගේ උකහා ගැනීමට බිය වන්නේ නොමැති බවත් ජනාධිපතිවරා පෙන්වා දුන්නා.
ජනතාවගේ ජීවිතය උසස් කිරීමට මෙන්ම රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍ය සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කර ගැනීම සඳහා ද ආර්ථිකයේ දායකත්වය කාර්යන් වැදගත් වන බවත්, ඒ අනුව ඒ සඳහා අවශ්‍ය වන නාව ආර්ථික දැක්මකින් රටේ ආර්ථිකය ගොඩ නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.



