නැවේ බඩු ගන්න මුහුදට බැස්ස අය රෝගී වෙයි

විෂ සහිත රසායනිකයන් අඩංගු බවට වූ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා, ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයකට ආසාත්මිකතා මතුව ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ගේ සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් තත්ත්ව හටගෙන ඇති බව යි පැවසෙන්නේ.

භාණ්ඩ එක් රැස් කිරීමේ දී මුහුදු ජලයට වැඩි වශයෙන් නිරාවරණය වූ අත් පා වැනි ස්ථානවල මෙම බිබිළි ආදිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන් වනවා.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ අනතුරු ඇඟවීම් නොතකා වෙරළ වෙත පැමිණි පුද්ගලයින් වෙත බලපා ඇති මෙම ආසාත්මිකතාවලට අමතරව අනාගතයේ ඔවුන් හට සිතාගැනීමට හෝ නොහැකි ආකාරයේ පසු විපාක මතු වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම පවතින තත්ත්වය මත නෞකාවෙන් නිකුත්වන අපද්‍රව්‍යය තවදුරටත් වෙරළ වෙත පැමිණෙන බවත්, එම ද්‍රව්‍ය කිසිවකට අත තැබීමට හෝ ලං වීමට හෝ උත්සහ නොකරන ලෙසත් නැවතත් සිහිපත් කරන බව ලහඳපුර මහත්මිය අවධාරණය කළා.

වෙරළ පිරිසිදු කිරීම කළ යුත්තේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව, ආරක්ෂිත පියවර ගැනීමෙන් අනතුරුව බව පැවසූ ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ සඳහා මේවන විටත් තම අධිකාරිය තවත් ආයතන සහ ත්‍රිවිධ හමුදාව හා එක්ව මෙහෙයුම් දියත්කර ඇති බැවින්, වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලට මහජනතාවගේ සහය අවශ්‍ය නොමැති බවයි.

මේ අතර ගිනිගන්නා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළ ගිලී යනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
26
+1
131
+1
22
+1
80
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09