AFC Banner
Empty Ad

නැන්දම්මාගේ ගේ සුද්ද කළ බෑනා පොලිසියෙන් කුදලන් යයි

අගලවත්ත, පොලේගොඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් එම නිවස හිමි කාන්තාවගේ බෑනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ තිබූ රත්තරන් භාණ්ඩ සහ ඒ.ටී.එම් කාඩ් පත් නැති වී ඇති බවට අගලවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මොහු කලක සිට එම නිවසේ ඔහුගේ බිරිඳ සහ නැන්දම්මාසමඟ වාසය කර ඇති බවයි.

ඉන්පසුව ඔහු නිවසින් පිටව ගොස් ඇති බවත්, බොහෝ කාලයක් නිවසෙන් පිටව සිටි මෙම පුද්ගලයා මෙම නිවසට හොර රහසේ ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර පුද්ගලයා විසින් නිවසින් සොරාගත් මෙම බැංකු කාඩ් පත් උපයෝගී කරගනිමින් ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සහ ජංගම දුරකථන ද මිලදීගෙනන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් රත්තරන් භාණ්ඩ අගලවත්ත නගරයේ රන් හාන්ඩ අලෙවි සැලකට අඩුමුදලකට විකුණා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සොරකම් කළ බැංකු කාඩ් පත් උපයෝගී කරගනිමින් සැකකරු විසින් ජංගම දුරකථන අලෙවිසැලකින් ජංගම දුරකථන මිල දී ගන්නා ආකාරය එම අලෙවිසැලේ ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?