AFC Banner
Empty Ad
Empty Ad

නැඟණියට අතව,.ර කළ 16 හැවිරිදි සහෝදරයා පොලිස් භාරයට

වසරක කාලයක් දිගින් දිගටම තම නැඟණියව ලිං,ගික අතවරයට ලක් කළ තරුණයෙකු  පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ළමා ආරක්‍ෂණ අධිකාරියට ලද දුරකථන ඇමතුමක් මත බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව සොයා පසුගිය දිනක ආරම්භ කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියක බවයි පොලිසිය පැවසුවේ.

ජංගම දුරකථනයෙන් අස”භ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් තම නැඟණියව තමන් විසින් දිගින් දිගටම අතවරයට ලක් කළ බවටයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී  සැකකරු පාපොච්චාරණය  කර ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බේරුවල පොලිසිය සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?