AFC Banner
Empty Ad
Empty Ad

නැගෙනහිර සහ ඌව පළාත්වල හෙට කාලගුණයේ වෙනසක්

නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණික තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට (26) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (26) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?