නැගෙනහිර රජයේ දොස්තරලාගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්න සැරසෙයි

රෝහල් පරිපාලන කටයුතු සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලින් හට සිදුවන දේශපාලණික අතපෙවීම්වලට එරෙහි විරෝධතාවය තවදුරටත් තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැගෙනහිර පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමේ තීරණයකට එළඹෙන බවයි එම සංගමය පැවසුවේ.

මීට සමගාමීව හෙට (07) දිනයේ නැගෙනහිර පළාතේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ද නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල මුල් කර ගනිමින් නිශ්චිත නීතිමය ක්‍රමවේදය අනුගමනය නොකරමින් රෝහල් පරිපාලනය සහ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලින් උල්ලංඝනය කරමින් එම කටයුතු සදහා සෘජුවම දේශපාලනික මැදිහත්වීම් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින් යම් සේවා බිදවැටීමක් හෝ මහජන අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි පූර්ණ වගකීම මෙම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සඳහා සාධනීය විසදුමක්දීමට මැලිවන සහ අපොහොසත් වන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?