නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහ තරගය අද (26) පැවැත් වෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා තිබෙනවා.

ඕමානයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (26) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී; පසු ගියවර ශූරයින් වූ පාකිස්ථාන කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේ දී පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුකම් ලැබුවා.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දීය A කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයේ දී පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?