‘‘නැගිටිනකොටම ඇඟට පණ නෑ….” – මීගමුව රෝහලේදී එලොව ගිහින්, මෙලොව ආ පුද්ගලයා අත්දැකීම විස්තර කරයි

ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු 45 කි. සමගියෙන් සමාදානයෙන් ජීවත්වන ඔහු කිසිවකුටත් වරදක් නැති පුද්ගලයෙකි.

 ධීවර රැකියාවේ නිරත වුවත් අලෙක්සැන්ඩර් රෝගියෙකි. ඔහු කලක සිට ශරීරයේ සීනි මට්ටම අඩුවීමේ රෝගයෙන් පෙලූණි. එමනිසා ඔහු විටින් විට අසනීප තත්ත්වයට පත්විය.

 දිනය පසුගිය නම වැනිදාය. ඇලෙක්සැන්ඩර් සුපුරුදු පරිදි අවදිවූයේ මුහුදු යෑම සඳහාය. එලෙස අවදි වුවත් ඔහුට මුහුදු යෑමට නොහැකි විය. ඒ ශරීරයට දැනුණු අපහසුතාවයක් නිසාය. ඒ බව ඔහු බිරිඳට පැවසුවේ මෙලෙසින්ය.

‘‘දීපිකා මගේ ඇඟට අද පොඞ්ඩක් හරි නෑ.”

 ‘‘එහෙනම් අද ඔයා මුහුදු යන්න එපා.”

 ‘‘එහෙම කියලා බැහැ නේ.”

 ‘‘අනේ මේ නිකං ඉන්න. අද මුහුදු ගියේ නෑ කියලා අපි මැරෙන්නෙ නැහැනේ. මොකක්ද ඔයාට තියෙන අමාරුව.”

 ‘‘නැගිටිනකොටම ඇඟට පණ නෑ. මුළු ඇඟම වේලිලා වගේ.”

 ‘‘එහෙනම් ෂුවර් එකටම සීනි අඩු වෙලා ඇති.”

 ‘‘මටත් හිතෙන්නෙ එහෙම තමයි. හැබැයි වෙනදට වඩා අද නම් අමාරුයි.”

 ‘‘ඉන්න මම සීනි වැඩිපුර දාල ඔයාට තේ එකක් හදලා දෙන්නම්.”

 ‘‘ගේන එකක් ඉක්මනට ගේන්න මට අමාරුයි.”

 ‘‘හරි ඔයා ඔහොම වාඩිවෙලා ඉන්න මම ඉක්මනට තේ එකක් හදාගෙන එන්නම්.”

 ඇලෙක්සැන්ඩර් පුටුවක වාඩි වී සිටියදී ඔහුගේ බිරිඳ මුළුතැන්ගෙට ගියේ තේ එකක් සාදා ගෙන ඒම සඳහාය. විනාඩි කීපයකින් ඇය තේ එකත් සාදාගෙන නැවත පැමිණියාය.එලෙස පැමිණෙන විට සැමියා සිටියේ දෙනෙත් වසාගෙන ඔළුව පැත්තකට දමාගෙනය.

 ඇය සිතුවේ තම ස්වාමිපුරුෂයාට ශරීරයේ මහන්සිය නිසා නින්ද ගොස් ඇති බවයි. එලෙස සිතා ඇය ස්වාමිපුරුෂයා අවදි කරවීම සඳහා මෙලෙස කතා කළාය.

 ‘‘මහත්තයා නැගිටින්න මම ඔයාට තේ හදාගෙන ආවා මේක බීල නිදාගන්න.”

 එහෙත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොමැත.

 නැවත වතාවක් ඇය කථා කළාය. එහෙත් පෙර පරිදිම ඔහුගෙන් පිළිතුරක් නොමැත. කුමක් හෝ සිදුවී ඇති බව ඇයට වැටහුණාය. ඒ අනුව ඇය තම දරුවන්ට ‘‘තාත්තා අසනීප වෙලා ඉක්මනට ඉස්පිරිතාලෙ එක්ක යමු” යැයි පවසමින් කෑ ගැසුවාය.

 මවගේ කෑගැසීමට කලබල වූ දරුවෝ එතැනට පැමිණ තම පියා රෝහල්ගත කිරීමට පියවර ගත්හ.

 ඒ අනුව සිහිසුන්ව සිටි ඇලෙක්සැන්ඩර් සිල්වාව මීගමුව ජාතික රෝහලට ඇතුළත් කළේය. ඒ එම රෝහලේ බාහිර අංශයේ හතරවෙනි වාට්ටුවටයි.

එම වාට්ටුව බාර වෛද්‍යවරයා පැමිණියේය. එලෙස පැමිණ ඇලෙක්සැන්ඩර්ව පරීක්ෂා කළේය. නැවත නැවතත් ඔහු රෝගියාව පරීක්ෂා කළේය. එලෙස පරීක්ෂා කර අසල සිටි හෙදියට එම වෛද්‍යවරයා මෙලෙස පැවසුවේය.

 ‘‘අපිට රෝගියාව බේරගන්න වෙන්නේ නෑ. රෝහලට ඇතුළත් කරන කොටත් මං හිතන්නේ ඔහු මිය ගිහින්. මං හොඳට පරීක්ෂා කරලා බැලූවා.”

 ‘‘තව එක පාරක් උත්සාහ කරලා බලමුද ඩොක්ටර්.”

 ‘‘වැඩක් වෙන්නේ නැහැ. මං හොඳට පරීක්ෂා කරලා බැලූවා. දැන් මේ මිනිය මෝචරියට දාන්න. ලෙඩාගේ බාරකාරයින්ටත් ඒ බව කියන්න.”

 ‘‘හරි ඩොක්ටර් මම ඒ ටික කරන්නම්.”

 වෛද්‍යවරයාගේ තීරණයට අනුව එම හෙදිය අවශ්‍ය ඉතුරු කටයුතු සිදු කළාය.

 රෝහලෙන් දුන් දැනුම්දීම අනුව මියගිය යැයි කියන ඇලෙක්සැන්ඩර් ගේ බිරිය සහ ඥාතීන් පිරිසක් වහාම රෝහලට පැමිණියහ.

 එලෙස පැමිණි පිරිසට රෝහල් පොලිසිය පැවසුවේ මෘත ශරීරාගාරයට ගොස් මිනිය හඳුනාගන්නා ලෙසයි. ඒ අනුව එම පිරිස මත ශරීරාගාරයට පැමිණියහ.

 සුදු රෙද්දකින් වසා ඇති තම ස්වාමිපුරුෂයාගේ සිරුර දැකීමෙන් බිරිඳට දුක වාවාගත නොහැකි වූවාය. එම නිසා ඇය ඔහුගේ නිසල සිරුර මත දෙඅත් තබාගෙන රෝහල දෙවනත් වනසේ මෙලෙස විලාප දුන්නාය.

 ‘‘අනේ මගේ රත්තරන්, ඇයි ඔයා මාව දාලා කලින්ම ගියේ. මං මේ දුක කොහොම වාවාගන්නද? ඔයා දන්නවනේ මහත්තයෝ ඔයා නැතුව මට එක මොහොතක්වත් ඉන්න බැහැ කියලා. මමත් එනවා මගේ මහත්තයා ඉන්න තැනට. මාවත් එක්කරගෙන යන්න.”

 ඇය එලෙස විලාප නැඟුවේ තම ස්වාමි ස්වාමිපුරුෂයාගේ මුහුණ දෙස බලමින්ය. එම එක් අවස්ථාවකදී ඇය දුටුවේ තම ස්වාමි පුරුෂයා තොල්පට සොලවන අයුරුයි. ඒ දුටු විගසම ඇය විලාප තිබීම පැත්තක දමමින් අසල සිටි සිටි ඥාතීන්ට මෙලෙස පැවසුවාය.

 ‘‘මගේ මහත්තයා මැරිල නැහැ. බලන්න තොල්පට සොලවනවා. ඉක්මනට ගිහිල්ලා ඩොක්ටර්ට කියන්න.”

 ඇයගේ එම වචන ඇසීමෙන් ඥාතීහු කලබලයට පත්වූහ. ඔවුහු ද ඇලෙක්සැන්ඩර්ගේ නිසල සිරුර දෙස බැලූහ. එහිදී ඔවුනට ද දැකගත හැකි වූයේ ඇලෙක්සැන්ඩර් තොල් පට සොලවන අයුරුයි.

 එතැන සිටි පිරිස වහාම රෝහලේ කාර්ය මණ්ඩලයට ඒ බව පැවසූහ. ඒ අනුව මිය ගිය ඇලෙක්සැන්ඩර්ව යළි බාහිර රෝගී අංශයට ඇතුළත් කළේය. එහිදී නැවත වරක් ඇලෙක්සැන්ඩර්ව පරීක්ෂා කළේ ඔහු මිය ගිය බව පැවසූ වෛද්‍යවරයා විසින්මය. එම පරීක්ෂා කරන අතරතුරදී ඇලෙක්සැන්ඩර් අතපයද සෙලවූයේය.

 වෛද්‍යවරයාට උන් හිටි තැන් අමතක විය. තම අතින් ලොකු වරදක් වී ඇති බව අවබෝධ විය. එහෙත් ඒ බව ඔහු රෝගියාට සහ එම ඥාතීන්ට පෙන්නුවේ නැත. වෙන වෙන දේවල් පවසා තමා අතින් වූ වරද වසා ගැනීමට උත්සාහ කළේය.

 රෝගියාගේ බිරිඳගෙන් සහ ඥාතීන්ගෙන් එම වෛද්‍යවරයාට ගැලවීමක් තිබුණේ නැත. ඔවුන් දිගින් දිගටම වෛද්‍යවරයාට චෝදනා එල්ල කළේ ‘‘මිය නොගිය අයෙකු මියගිය අයකු බවට පත් කළ බව පවසමින්ය.” ඔවුන්ගේ කේන්තිය සහ චෝදනාව සාධාරණ ය. තව සුළු මොහොතකින් වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා මිය නොගිය රෝගියෙක් ඇත්තටම මිය යන්නට ඉඩ තිබුණි.

 මෘත ශරීරාගාරයේ සිට නැවත වරක් රෝහලට ඇතුළත් කළ මියගියා යැයි කියන රෝගියාට ඉන් විනාඩි දහයකට පමණ පසු ඇඳෙන් බැස හොඳින් කතා කිරීමට ද හැකි විය.

 සිදු වූ දේ අසා ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය. ඒ අනුව ඔහු පැමිණ සිටි පිරිසට ‘‘සීනි අඩුකම නිසා මට කලන්තයක් වගේ දැනුන. එච්චරයි මට මතක.” යැයි පැවසුවේය.

 මීගමු රෝහලේ සේවය කරන එම වෛද්‍යවරයා අතින් සිදු වූ අත්වැරදීම සුළු පටු දෙයක් නොවේ. ඔහු සෙල්ලං කර තිබුණේ මිනිස් ජීවිතයක් සමඟයි. බිරිඳ නොසිටින්න එම රෝගියාට සිදු වන්නේ පණපිටින්ම මියයන්නටයි. එම නිසා මෙම වෛද්‍යවරයා පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දැඩි දඬුවම් ලබා දිය යුතුය.

 මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා නිර්මලා ලෝගනාදන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් තමන්ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.”

ගයාන් සමරසිංහ

දිවයින 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09