මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වී තිබෙනවා.
එලෙස අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර ඉන්දීය හිමිනමක්, රුසියානු හිමිනමක්, රුමේනියානු හිමිනමක් සහ ශ්‍රී ලංකික භික්ෂූන් වහන්සේලා 04 නමක් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට ඇති බවයි පැවසෙන්නේ.
බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බව පොලිසිය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
15
+1
+1















