නාසි ස්වස්තිකය නිසා ඕස්ට්‍රේලියාව තහනම් වූ බ්‍රිතාන්‍ය ජාතිකයා

ඕස්ට්‍රේලියාවේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ එරට තුළ තහනම් කර ඇති නාසි සංකේත ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මතයි.

ක්වීන්ස්ලන්තයේ ජීවත් වන 43 හැවිරිදි මෙම පුද්ගලයා නාසි ස්වස්තිකය පළ කිරීම, නාසි දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කිරීමට සහ යුදෙව් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීමට සමාජ මාධ්‍ය ගිණුමක් භාවිතා කළ බවට චෝදනා එල්ල වී මෙම මස මුලදී අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර තිබෙනවා.

සැකකරු මේ වන විට බ්‍රිස්බේන් හි ආගමන රැඳවුම් භාරයට ගෙන ඇති අතර ජනවාරි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යුදෙව් විරෝධී සහ දක්ෂිණාංශික අන්තවාදයේ මෑත කාලීන වැඩිවීමක් මධ්‍යයේ තහනම් සංකේත භාවිතය සම්බන්ධයෙන් පොලිසිය දැඩි පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?