AFC Banner
AFC Banner
Empty Ad

නාසික කොවිඩ් මර්දන එන්නතට ඉන්දියාවේ පළමුවරට අනුමැතිය

කොවිඩ් මර්දන එන්නත්කරණයේ ඉදිරි පියවරක් තබන්නට අසල්වැසි ඉන්දියාවට හැකිව තිබෙනවා.

ඒ, පළමු වරට නාසික කොවිඩ් මර්දන එන්නත එරට වැසියන්ට ලබාදීම සඳහා අනුමැතිය ලබාදීමත් සමඟයි.

ඉනෝවැක් නැමැති මෙම එන්නත ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති අතර, මෙය මිනිස් ශරීරයට ඇතුළත් කරනු ලබන්නේ නාසයට බිංදු ආකාරයෙන් වීම විශේෂත්වයක්.

ඒ, අනුව මීට පෙර කොවැක්සින් සහ කොවිඩ්ෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසට බූස්ටර් එන්නතක් ලෙස මෙය ලබාගැනීමේ හැකියව පවතිනවා.

සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මඟින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මේ වනවිට ඉන්දීය ජනග්‍රහණයෙන් 70% කට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?