AFC Banner
AFC Banner
Empty Ad

නාවික දැලට පෙට්‍රල් ලීටර් 2030ක් හසුවෙයි

නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 2030ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, සමඟ සැකකකරුවන් තිදෙනෙක් සහ ලොරි රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ මෙහෙයුමකදී මෙම ඉන්ධන තොගය සොයා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයස්වල පසුවන කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

නාවික හමුදාව විසීම් මෙලෙස සොයාගත් පෙට්‍රල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ නවයකට අධිකයි.

පෙට්‍රල් තොගය, සැකකරුවන් සහ ලොරි රථ දෙක කල්පිටිය පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශ සඳහා භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?