නාවික දැලට පෙට්‍රල් ලීටර් 2030ක් හසුවෙයි

නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 2030ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, සමඟ සැකකකරුවන් තිදෙනෙක් සහ ලොරි රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ මෙහෙයුමකදී මෙම ඉන්ධන තොගය සොයා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයස්වල පසුවන කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

නාවික හමුදාව විසීම් මෙලෙස සොයාගත් පෙට්‍රල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ නවයකට අධිකයි.

පෙට්‍රල් තොගය, සැකකරුවන් සහ ලොරි රථ දෙක කල්පිටිය පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශ සඳහා භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46