පැවති අයගපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල – නාරංගල කන්ද නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණ පිරිසක් නිරුපද්‍රිතව මුදාගැනීමට යුද හමුදා නිලධාරීන්ට හැකිව තිබෙනවා.
ඊයේ (04) පස්වරුවේ පැවති ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්ත්වයන් හේතුවෙන් කඳු මුදුණේ අතරමංව සිටි තරුණයින් 21 දෙනෙක් සහ එක් තරුණියක් මෙලෙස මුදාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
මෙම පිරිස මීගමුව, නුගේගොඩ, මහරගම, කොස්ගොඩ, පන්නිපිටය යන ප්‍රදේශවල පදිංචි අයවලුන් බවයි වාර්තා වන්නේ.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (04) රාත්‍රි නවයට පමණ බදුල්ල, එළදළුව පිහිටි 112 බළසේනා මූලස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අතරමංව සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව අධික වැසි මධ්‍යයේ පැය ගණනාවක් සිදුකළ දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මුදාගෙන කන්ද පාමුලට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.









