නායායෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර යමින් තිබෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කළේ කළු ගඟෙහි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි ජලයෙන් පෝෂණය වන කුඩා ගඟෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි.

මේ හේතුවෙන් මිල්ලකන්ද ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.

මීට අමතර ව අධික වර්ෂාපතනයෙන් පිටාර ගලමින් තිබූ නිල්වලා ගඟෙහි ජල මට්ටම මේ වනවිට පහත බසිමින් තිබෙන බවට ද තොරතුරු වාර්තා වනවා.

බද්දේගම සහ තල්ගහගොඩ ප්‍රදේශවල ජල මට්ටම බැස යමින් ඇති අතර, පනාඩුගම ප්‍රදේශවාසීන්ට නිල්වලා ගංගාව ආශ්‍රිත ව වෙසෙන්නේ නම්, අවධානයෙන් පසුවන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් අද දිනයේ දී නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම අද පස්වරු 04 සිට හෙට පස්වරු 04 තෙක් බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම ඉවත් කිරීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ හක්මන, අකුරැස්ස සහ පිටබැද්දර යන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටයි.

ඇම්බර් වර්ණයෙන් නායයෑමේ අනතුරු නිකුත් කර ඇති නව ප්‍රදේශ වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ලට නිකුත් කර තිබෙනවා.

ඉමදුව, ගාල්ල, යක්කලමුල්ල, අම්බලන්ගොඩ, අක්මීමන, නියාගම, බද්දේගම, නාගොඩ, තවලම, නෙළුව, බෝපේ, පෝද්දල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලටත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙනු ඇති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවනටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මතුගම සහ වලල්ලාවිටත්, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශ ඇතුළත් කෑගලු දිස්ත්‍රික්කයටත් නායයෑමේ පූර්ව නිවේදන නිකුත් කර තිබෙනවා.

මාතර සොහොන් හතර, පස්ගොඩ, කොටපොල, අතුරලිය, කිරින්ද පුහුල්වැල්ල, තිහගොඩ, වැලිපිටිය, මුලටියන, කඹුරුපිටිය සහ මාලිම්බඩටත්, කුරුවිට, රත්නපුර, ඇලපාත, කලවාන සහ ඇහැලියගොඩ යන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලටත් පළමු මට්ටමේ කහ වර්ණයෙන් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත්තේ.

මීට අමතර ව පළමු මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් ඔකේවෙල සහ බෙලි අත්තටත්, පාලින්දනුවර, බුලතිසිංහල, දොඩන්ගොඩ, අඟලවත්තටත්, කෑගලු දිස්ත්‍රික්කයෙන් බුලස්කොහුපිටියටත් නායයෑම් නිවේදන නිකුත් කෙරුණා.

ඕපනායක, පැල්මඩුල්ල,ගොඩකවෙල,කිරිඇල්ල, වැලිගේපොල, කොළොන්න, අයගම, නිවිතිගල සහ ඉඹුල්පේ ද මීට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29