නාන කාමරේ ඇතුළේ පෙරපු කසිප්පු, යුක්තියට කොටු වෙයි

නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි අඩක් නිමකළ නිවසක් තුළ මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු ඉංගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා සිය රැකියාව වශයෙන් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරිම සිදුකර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුද සමඟින් ගෝඩා ලීටර් 550ක ප්‍රමාණයක්ද, තඹ දඟර, ගෑස් ළිප්, ගෑස් සිලින්ඩර් ඇතුළු පෙරුම් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?