Empty Ad
AFC Banner
Empty Ad

නාච්චදූව වැවේ සියලු වාන් දොරටු ඇරෙයි – මාවුස්සා, කාසල්රී වාන් දැමීමට ආසන්නයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇදහැලෙමින් තිබෙනවා.

ඒ හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය දිගින් දිගටම වාන් දැමීම සිදු කරන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම කාසල්රී ජලාශය ද මේ වනවිට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර ඉතා ආසන්න වෙමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.

එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පැවසුවා.

මේ අතර නාච්චාදුව ජලාශයේ සියලු ම වාන් දොරටු විවර කර තිබෙනවා.

මේ අනුව තත්පරයට ගණ අඩි 2140 ක් මල්වතු ඔයට මුදා හැරෙනවා.

නාච්චදූව වැවේ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් ද, තවත් දොරටු දෙකක් පිළිවෙළින් අඩි 03 හා 04 බැගින් ද විවර කර ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මල්වතු ඔය දෙසපස පහත්බිම් හි වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>