කෝටි හයකට වැඩි කොකේන් සමඟ ඉන්දීය කතක් කටුනායක දී අල්ලයි

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැටදහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාව අද (06) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම ඉන්දීය ජාතික කාන්තාව අද දින අලුයම 02.14ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක පොලිතින් ඇසුරුම් තුළ ඔතා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 644ක් සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සිදුකළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාරගැනීම සඳහා සූදානමින් සිටි මෙරට පුද්ගලයෙක්, ඇයට නවාතැන් ගැනීම සදහා සූදානම් කර තිබූ කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැදී සිටියදී
අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (06) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06