ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම මියන්මාරයට (ඡායාරූප)

පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් පිටත්ව ගිය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩායම ඊයේ මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, යැංගොන් කලාපීය ප්‍රධාන අමාත්‍ය U Soe Thein, යැංගොන් නගර සංවර්ධන කමිටුවේ සභාපති (නගරාධිපති) U Bo Htay, යැංගොන් කලාප සමාජ කටයුතු අමාත්‍ය U Htay Aung, යැංගොන් කලාප ආරක්‍ෂක සහ දේශ සීමා කටයුතු අමාත්‍ය කර්නල් Win Tint, විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපායමාර්ගික අධ්‍යයන සහ පුහුණු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් U Zaw Phyo Win සහ සමාජ සුභසාධනය, සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ U Than Soe ඇතුළු මියන්මාර බලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම පිළිගනු ලැබුවා.

මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කළ අතර, ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය ඔස්සේ දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍ර සබඳතාවන් යළිත් අවධාරණය කරන බව ද පැවසුවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුතු ලේකම්වරයා මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙරෙන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය හා සෘජුව සම්බන්ධ වෙමින් අවශ්‍ය පහසුකම් සැලසීමේදී සහ සම්බන්ධීකරණය කිරීමේදී අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

එරට පරිපාලන අගනුවර වන නේ පි ටෝ හි ආපදාවට ලක් වූ ප්‍රදේශවල මානුෂීය ආධාර සහ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම යෙදවීමට නියමිතව තිබෙනවා.

පසුගිය සතියේ ඇති වූ රිච්ටර් පරිමාණයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාරයේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම විශේෂ ත්‍රිවිධ හමුදා කණ්ඩායම, වෛද්‍ය සැපයුම් හා මානුෂීය ආධාර තොගයක් ද සමඟින් ඊයේ (05) දින දිවයිනෙන් පිටත්ව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19