ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

එක්සත් රාජධානිය පදනම් කරගත් සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගම සිය නිෂ්පාදනයන්වන ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට නැව්ගත කිරීම නතර කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විදේශීය නිෂ්පාදිත මෝටර් රථ සඳහා දැඩි තීරුබදු පැනවීමෙන් පසු මෙලෙස එම මෝටර් රථ ඇමරිකාවට අපනයන කිරීම අත්හිටුවූ බවයි එම සමාගම පැවසුවේ.

ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගමේ වාර්ෂික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.

එම සමාගම පැවසුවේ දැඩි තීරුබදු පැනවීමට දිගුකාලීන විසඳුම් සකස් කරන තෙක් කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස අපනයනය කිරීම් අත්හිටුවන බවයි.

සමස්තයක් වශයෙන්, එක්සත් රාජධානියේ නිපදවන මෝටර් රථ අටෙන් එකක් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.

ට්‍රම්ප් විසින් පනවන ලද නව වෙළඳ නීති මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ සෘජු රැකියා 25,000 කට වඩා අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24