වැලිකඩ පොලිසියේ සිද්ධිය ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් නීතීඥ සංගමය සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට පත්ව ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ද ගනු ඇති බව නීතීඥ සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙවැනි සිදුවීම් යුක්තිය පසිඳලීමේ ක්‍රමය කෙරෙහි විශ්වාසය කඩ කිරීම් බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන පිරිස් මරණයට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත්, එම සිද්ධීන් හී වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් පියවර සහ පියවර ගැනීම් සඳහා බලධාරීන් මන්දගාමී වීම පිළිබඳව ද නීතීඥ සංගමය සිය කණගාටුව ප්‍රකාශ කරනවා.

තවද එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සහ ඊට අදාළ පිරිස් වෙත දඬුවම් නොකිරීම පිළිබඳ රජය වෙත චෝදනා එල්ල වන බවත් එම ලිපිය මගින් දක්වා තිබෙනවා.

මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ මරණ සම්බන්ධව අනුගමනය කළ හැකි පියවරයන්ට නීතීඥ සංගමය සහාය දක්වන බවත්, ඒ සම්බන්ධව සිය සංගමය ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීමට කැමැත්තෙන් පසුවන බවද නීතීඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16