නාගානන්දට එරෙහිව ඔෂල හේරත් ගොනුකළ පෙත්සමක් විසිවෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ගොනුකළ පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, අනුව වග උත්තරකාර නාගානන්ද කොඩිතුවක්කුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත්ට නියම කෙරුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඉකුත් වසරේ නොවැම්බර් මස 02 වනදා “මී මැස්සෝ” නමැති යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී නාගානන්ද කොඩිතුවක්කු සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව සඳහන් කරමින් ඔෂල හේරත් විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ, අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් අධිකරණය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50