නාගානන්දට එරෙහිව ඔෂල හේරත් ගොනුකළ පෙත්සමක් විසිවෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ගොනුකළ පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, අනුව වග උත්තරකාර නාගානන්ද කොඩිතුවක්කුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත්ට නියම කෙරුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඉකුත් වසරේ නොවැම්බර් මස 02 වනදා “මී මැස්සෝ” නමැති යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී නාගානන්ද කොඩිතුවක්කු සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව සඳහන් කරමින් ඔෂල හේරත් විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ, අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් අධිකරණය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?