නාගල ප්‍රදේශයම බියට පත් කල ඝාතනය

බිබිල පොලිස් වසමේ නාගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.පිහියකින් ඇන, ගිනි තබා මෙලෙස ඝාතනය සිදු කර තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකාරිය ඔහුගේ පුරුෂයා සමඟ නාගල ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ (25) දින සවස් කාලයේ දී මරණකරු වෙළෙඳසලට පැමිණ ඇති බව සඳහන්.එහි දී ඇති වූ අරවුලක දී මරණකරු හා සැකකාරිය පොරබැදීමක් සිදු කරගෙන ඇති අතර, සැකකාරිය විසින් මරණකරුට මන්නා පිහියකින් පහර දී ඇති බව යි පොලිසිය පවසන්නේ.පසු ව ඔහුගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි ද තබා තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක නාගල – බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?