AFC Banner
Empty Ad
Empty Ad

නළු නිළියන් පස්දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

මිහින්තලය පූජා නගරයේ රූගත කිරීමට ගොස් නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි 39 දෙනෙකුගේ සමන්විත නාට්‍ය කණ්ඩායමක නළු නිළියන් ඇතුළු අටදෙනෙකුට කොවිඩ් වැලදී ඇති බව මිහින්තලය සෞඛ්‍ය අංශ ඊයේ (19 වැනිදා) සවස තහවුරු කරගෙන තිබුණි.

ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිහින්තලය අඹතලාගම පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඇතුළු ටෙලි නාට්‍ය කණ්ඩායම පෞද්ගලික කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබුණි.

එම කණ්ඩායමේ සිටි නළු නිළියන් පස්දෙනෙකුට හා සෙසු කාර්ය මණ්ඩලයේ තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

මෙම නිවාඩු නිකේතනය එකම පවුලේ ඥාතීන් පස්දෙනෙකු පවත්වාගෙන යන අතර ඔවුන් නිරෝධායනයට ලක්කර නිවාඩු නිකේතනය වසාදැමීමට කටයුතු කරනා බවද සෞඛ්‍ය අංශ පැවැසුවේය.

දැනට රෝගය වැලඳී ඇති පිරිසට අවශ්‍ය නිරෝධායන ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන අතර ඉතිරි පිරිස සම්බන්ධයෙන් නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බුද්ධික මහේෂ් – අනුරාධපුර නැගෙනහිර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?