නව මහා බැංකු අධිපති රටට නව බලාපොරොත්තුවක් දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 13.5% සහ 14.5% දක්වා අද (08) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (08) දින පැවති රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

ඒ අනුව 6.5% ක පැවති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5% ක් දක්වාත් 7.5%ක පැවති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5% ක් ලෙස ඉහළ දමා ඇත.

ප්‍රතිපත්ති පොලි අනුපත ඉහළ දැමීමට සාපෙක්ෂව බැංකු පොලී අනුපාතද ඉහළ යනු ඇත.

සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් උද්ධමනය ඉහළ යා හැකි ය.

එම පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

මේ අතර අද වැඩ භාරගත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපතිවරයා මීට මාසෙකට පෙර අනුමැතිය දී ඇතත්, මාසයක් ගතවූ පසුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත් මෙරට සියලුම ණය ප්‍රතිව්‍යුහගත කරන බව ද හෙතෙම කීය.

අප්‍රේල් 11 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ජාලගත මාර්ගයෙන් පැවැත්වීමට තමා යෝජනා කල බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

“ආර්ථිකයක් එකපාර හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනවා කළත් බෑ. අපේ ආර්ථිකය තිබුණේ ප්‍රපාතයකට යන වාහනයක් වගේ. බ්‍රේක් නැතුව පාලනයක් නැතුව ප්‍රපාතයට යන මේ වාහනය පැනලා නවත්තගන්න ඕනේ හැපිලා කුඩුවෙන්න කලින්. පළමුවෙන්ම කරන්න ඕනේ ඒක.

මුලින්ම කරන්න ඕනේ මේක පල්ලමට යන එක නවත්වන්න ඕනේ. ඒක පල්ලමට ගියොත් විනාශයක් වෙන්නේ. එහෙම නැතුව ඒක එකපාරම අනෙක් පැත්ත හරවන්න බෑ. අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරන්න කැමති නෑ මම.

ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක අනෙක් පැත්තට හරවන්න පුළුවන් කියලා. මේක ඉක්මණින්ම උඩට ගේන්න දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි.
සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි.

නමුත් දැනට පවතින්නේ මේ දෙකේම අස්ථාවරබවක්.

ඕනෑම මහ බැංකුවක් මුදල් අච්චු ගහනවා. අලුතින් මුදල් නිකුත් කරන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ නිකුත් කරන ප්‍රමාණය වැඩිවුණොත් උද්ධමනයට බලපානවා.” යැයිද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14