Empty Ad
AFC Banner
Empty Ad

නව බැඳුම්කර හුවමාරුවට ශ්‍රී ලංකා රජය සැරසෙයි

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය විසින් අද (26) දිනයේ දී ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්.

හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමටයි ඊයේ (25) දිනයේ දී එකඟ වූයේ.

එම ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

දැනට නිකුත්කර ඇති බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබා දී තිබෙනවා.

එහි අවසන් දිනය ලෙස දෙසැම්බර් 12 වනදා දැක්වෙනු ඇති.

මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සඳහා හැකි ඉක්මනින් එක්වන ලෙස ශ්‍රී ලංකාව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නව මෙවලම්වල සුවිශේෂී කරුණු සම්බන්ධයෙන් වසර දෙකක් පුරා බැඳුම්කර හිමියන් සමග යහපත් විශ්වාසයෙන් සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහි අරමුණ වූයේ සියලුම පාර්ශ්වයන්ට හොඳම ප්‍රතිඵල ලැබෙන පරිදි මෙම ක්‍රියාවලිය සිදු කිරීම බව සඳහන්.

බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයක් 2024 සැප්තැම්බර් 19 වනදා එළඹුණා.

ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වනු ඇති.

ඔවුන් එකතුව හිඟ බැඳුම්කරවලින් 50%කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා නිල ණයහිමියන්ගේ කමිටුව එම නව ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක IMF ප්‍රමිතීන්ට අනුකූල බවත් අනුමත කෙරුණා.

බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීම මගින් ජාත්‍යන්තර ස්වෛරී ණය තිරසර බව ලබාගත හැකිවන බව සහ මෙරට ආර්ථිකය ප්‍රකෘති වීමක් කඩිනම් කරගත හැකි වෙතැයි ද සඳහන්.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික අංශයේ ණය හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහභාගී වන ලෙසයි.

එමගින් අත්‍යවශ්‍ය සහනයක් ලබාදීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට වඩාත් දීප්තිමත් අනාගතයක් ඇතිකිරීමට පසුබිම ඇතිවෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?