නව පොලිස්පති තෝරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

මෙරට 37 වන පොලිස්පතිවරයා තෝරාගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

පොලිස්පති ධුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ, අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ (06) දින හිමිව තිබුණා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පති ධුරය සඳහාවන නිර්දේශිත නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අද දිනයේ යොමු කෙරෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?