ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.
පසුගිය 08 වෙනිදා මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
මෙහිදී කනක හේරත් විසින් වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ සමඟ මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා සිදු කර තිබෙනවා.
.
නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කනක හේරත් අමාත්‍යවරයා කියා සිටියේ නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ පුළුල් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහය වීමත් බවත්ය.
ඒ සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදී තාක්ෂණික අංශයේ පර්යේෂණ ප්‍රධාන වන බවද පවසා තිබෙනවා.














