නව නීති පනවා හෝ හිඟ ආදායම් බදු අයකර ගන්නවා – මුදල් රාජ්‍ය ඇමති

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු අලුතින් නීති පනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට, මහායාය ප්‍රදේශයේ අද (12) සවස පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් දකවමින් අමාත්‍යවරයා පැවසූයේ මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200 කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30 පමණ කාලයක සිට එකතු වූ මුදල් බවයි.

මෙම හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක් පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වාහන ආනයන සීමා පනවා තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි සියය ඉක්මවා වාහන ආනයනය කර තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ එම වාහන ගෙන්වා ඇත්තේ 22021 වසරේ දී බවත්, කෙසේ වුවද වතුර බවුසර්, ගිලන් රථ ආදිය ගෙන්වා ඇතත් කිසිඳු සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා නොමැති බවයි.

මුදල් අමාත්‍යාංශය මුදල් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයක් අර්බුධය වලට මුහුණපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඔහු පැවසූයේ රටම අර්බුධයකට මුහුණ පා සිටින අවස්ථාවක එවැනි දේ සිදු විය හැකි වුවද නියමිත අනුපිළිවෙළක් අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුසාවාදා වේරමණී..කස්සප හිමි කියන්නේ අමූලික බොරුවක්..l Sunil Watagala l kassapa Thero
03:16
Video thumbnail
අමරකීර්ති ඝා#න නඩුවට කුපිත වුණ නාමල් සැරටම කිව්ව දේ..මෙයාලා රජවෙලා..අහිංසකයන් එ#ලුම් ගස් ගිහින්
05:54
Video thumbnail
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දැඩි උණුසුම්..ආණ්ඩුවේ මහ එවුන්ට කිව්වට ඇහෙන්නේ නෑ..උන්ට කිසිම කොන්දක් නෑ
05:52
Video thumbnail
මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:24
Video thumbnail
වතුකරයේ මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:47
Video thumbnail
මාදැල් ධීවරයින්ට ජනපති සමඟ සාකච්ඡාවක්..අපිට වඩා කට්ට කෑවේ පොලිසියේ කට්ටිය
04:52
Video thumbnail
මේ ගමන ටිකක් අමාරු දිග ගමනක්..ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න ගත්ත පළවෙනි වතාවත් නෙවෙයි
04:48
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වෙයි..? මෙන්න වෙන්න යන වෙනස
02:27
Video thumbnail
වාලච්චේන සුනු විසුණු කළ වන අලියා..
01:03
Video thumbnail
වාලච්චේන සුනු විසුණු කළ වන අලියා..පාරේ ත්‍රීවිල්, බයික් කුඩේ කුඩු කරයි
01:36


?