නව තරුණ ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ද ඇතුළත් කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පැවසුවේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම මේ වන විට භාරගෙන තිබෙන නාම යෝජනා අවලංගු කරමින් නව නාම යෝජනා භාර ගැනීමට හැකි වන පරිදි එම නීති සංශෝධනය කරන ලෙසට ද අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

ඒ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, මෙම කරුණ සම්බන්ධව සුවිශේෂී මහජන අවධානයක් එල්ල වී තිබෙන බැවින් සෑම පුද්ගලයකුටම මෙම නඩුකරයට මැදිහත් වීමට හැකි වන අන්දමින් දැනුවත්භාවය ලබා ගැනීම පිණිස භාෂා තුනෙන්ම පුවත්පත්වල මේ පිළිබඳ තොරතුරු පළ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන බව ද දැනුම් දුන් විනිසුරු මඬුල්ල පෙත්සම ජනවාරි මස 29 වැනිදා කැඳවීමට දින නියම කළා.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ සාමාජික නිහාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?