නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සදහා දින නියම වෙයි

ජනපති ඉල්ලා අස්වීමෙන් පසු ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබෙනවා. ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීම ජූලි 19 වනදා සහ නව ජනාධිපතිවරයෙකු ජුලි 20 වෙනිදා තෝරා පත් කර ගැනීමට නියමිතය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.