නව කොව්ඩි වෛරස් ප්‍රභේදයක් ඇත්නම් එය රටට ඇතුල්වීම වළක්වා ගැනීම වැදගත් – GMOA (වීඩියෝ)

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුළට ඇතුල් වීම වළක්වාලීමට නම්, පෙර පරිදි ගුවන්තොටුපොළ සහ වරායන් ආශ්‍රිත ව පවතින සෞඛ්‍ය ආවේක්ෂණ ක්‍රියාවලිය නැවතත් ශක්තිමත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

ආසියානු කලාපයේ සහ අසල්වැසි ඉන්දියාව තුළ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවට පැවසෙන කොවිඩ් වෛරසය ගැන මෙරට ජනතාව අනියත බියක් ඇති නොකරගත යුතු බවයි GMOA මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය වසරවල පැවති කොවිඩ් වෛරසය ම මෙලෙස වාර්තා වන බවත්, ශ්‍රී ලංකාව අවධානයෙන් සිටිය යුත්තේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වනවා නම් බව ද හෙතෙම පැවසුවා.

කෙසේවෙතත් ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපැඳීම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට හේතු වන බව ද චමිල් විජේසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අවදානම් සමාජ කණ්ඩායම් (දරුවන්, ගර්භණී කාන්තාවන්, දිගු කාලීනව රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිස්, වයස්ගත පිරිස) වෛරස් තත්ත්වයන් ගැන සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදීම අනිවාර්‍යය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?