AFC Banner
Empty Ad
Empty Ad

නව කොරෝනා ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකියි – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීම්.

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

ඒ, නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්වය.

මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදය සමස්ත බ්‍රිතාන්‍ය පුරාම ව්‍යාප්තව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.

ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි.

කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව තිස්පන් ලක්ෂ අසූ තුනකට අධිකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?