නව කැලණි පාලම අද සිට තාවකාලිකව වැසේ

නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම අද (01) සිට ලබන 18 වනදා ඇතුලත දින කිහිපයක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අධියරට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව කොන්ත්‍රාත් ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදි කිරීම භාවිත කළ හැකි වුව ද කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු අදියර යටතේ අද පස්වරු 9 සිට 4 වන සඳුදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ 8 වන සිකුරාදා රාත්‍රී 9 සිට 11 වන සඳුදා පෙරවරු 6 දක්වාත් 3 වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා පස්වරු 9 සිට 18 වන සඳුදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම වසා තැබෙනු ඇති.

අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2023 11 30 at 17.59.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?