නව කැලණි පාලම අද සිට තාවකාලිකව වැසේ

නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම අද (01) සිට ලබන 18 වනදා ඇතුලත දින කිහිපයක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අධියරට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව කොන්ත්‍රාත් ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදි කිරීම භාවිත කළ හැකි වුව ද කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු අදියර යටතේ අද පස්වරු 9 සිට 4 වන සඳුදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ 8 වන සිකුරාදා රාත්‍රී 9 සිට 11 වන සඳුදා පෙරවරු 6 දක්වාත් 3 වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා පස්වරු 9 සිට 18 වන සඳුදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම වසා තැබෙනු ඇති.

අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2023 11 30 at 17.59.30


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51