නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 දී – අග්‍රාමාත්‍යවරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සූදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇයගේ සභාපතීත්වයෙන් 2025.03.07 දින පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසූ අග්‍රාමාත්‍යවරියය, ඒ අනුව නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයතු යොදා තිබෙන බව වැඩිදුරටත් පැවසුවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 06ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 06ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

එමෙන්ම ජාතික හා පළාත් මට්ටමේ මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ, අනුව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් යොමු කරනු ලැබූ ගැටළුවලට පිළිතුරු දෙමින්, පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය සඳහා පාසල් භෞතික පරීක්ෂාවට ලක් කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් වූ මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?