නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 දී – අග්‍රාමාත්‍යවරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සූදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇයගේ සභාපතීත්වයෙන් 2025.03.07 දින පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසූ අග්‍රාමාත්‍යවරියය, ඒ අනුව නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයතු යොදා තිබෙන බව වැඩිදුරටත් පැවසුවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 06ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 06ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

එමෙන්ම ජාතික හා පළාත් මට්ටමේ මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ, අනුව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් යොමු කරනු ලැබූ ගැටළුවලට පිළිතුරු දෙමින්, පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය සඳහා පාසල් භෞතික පරීක්ෂාවට ලක් කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් වූ මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33