පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් තෝරාගැනීම අද සිදුකෙරෙනවා.
පකිස්තාන මුස්ලිම් ලීගයේ ප්‍රධානියා වන ෂෙබාස් ෂරීෆ්ගේ නම එරට ඒකාබද්ධ විපක්ෂය විසින් ඒ සඳහා නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
පකිස්ථාන පාර්ලිමේන්තුව අද රැස්වී ඒ සඳහා අනුමැතිය ලබාදීමට නියමිතයි.
සති කිහිපයක දේශපාලන ව්‍යාකූලත්වයත් සමග පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම හේතුවෙන් ඉම්රාන් ඛාන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරයෙන් පෙරේදා නෙරපා හරිනු ලැබුවා.
ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 174 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබු අතර ඔහුව නෙරපා හැරීමට විපක්ෂයට අවශ්‍ය වූයේ ඡන්ද 172 ක් පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













