නව අගමැතිවරයෙක් ගැන ඩිව් ගෙන් අනාවරණයක්

113ක කණ්ඩායමක් සකසාගෙන පැමිණියහොත් නව ආණ්ඩුවක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හමුවූ අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිව් ගුණසේකර මහතා.


ප්‍රශ්නය – මේ මොහොතේ තියන හොඳම විකල්පය මොකක් ද? 

 “අන්තර් පාලනයක් හදන එක, වෙන විකල්පයක් නෑ.”

ප්‍රශ්නය – හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් වුණාම ?

“හෙට මුකුත් වෙන්නේ නෑ. තාම ආණ්ඩුව හදලා නෑනේ.”

ප්‍රශ්නය –  පාර්ලිමේන්තුව රැස් වුණාම බහුතරය දැන් සුළුතරය වෙලා කියනවා.?

“ඡන්දයක් නැතුව හෙට මැණ බලන්න බෑ. අපට මන්ත්‍රීවරු කොල් කළා. ඇමතිවරු කථා කළා. පසුගිය දවස් ටිකේම ඇමතිවරු ඇවිල්ලා අපේ ගෙවල්වලට හමු වෙනවා. එවැනි තත්ත්වයක් තියෙනවා. අපිට කියන්න පුලුවන් කමක් නෑ. අගමැතිතුමත් කියලා තිබුණා විමල් වීරවංශට 113 හදාගෙන ආවොත් මම දෙනවා ඔබතුමාට ආණ්ඩුවක් හදන්න කියලා. “

ඒ කියන්නේ අපට දැනේන්නේ විමල් වීරවංශ මන්ත්‍රිතුමා අග්‍රාමාත්‍යවරයා වෙයි කියලා ද?

“නෑ නෑ. ඒක අපි තීරණය කරන්නං වේලාවට. කියන්න වැඩක් නෑනේ කවුද කියලා. “

ඒක කියන්න පුලුවන්නේ ?

“නෑ ඒක පොහොට්ටුව තීරණය කරනවා වගේ නෙමේ. පක්ෂ 11 එකතුවෙලා ඒක තිරණය කරන්නේ.” 

ප්‍රශ්නය – පක්ෂ 11 එකතුවෙලා ඊයෙත් රැස් වුණානේ? 

“නෑ නෑ ඒක ඔයාලට ඕනේ වෙලාවට නෙමේ. අපේ ටයිම්ටේබල් එකට අපි වැඩ කරන්නේ. ඒක කියන්නේ 113 හැදුවාට පස්සේ. ඊට කලින් කියන්නේ නෑ. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04