AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ කාල සටහන එළිදකී

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වනවා.

දෙවන තරගය සැප්තැම්බර් 26 වනදා සිටි 30 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තරගාවලියේ පැවැත්වෙන තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා විශේෂ විවේක දිනයක් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන සැප්තැම්බර් 21 දිනය විවේක දිනයක් ලෙසින් නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තරග දෙකකින් යුතු මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 – 2025 තරග සමයට අදාළව පැවැත්වෙනවා.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර, ඉන් තරග 18ක් නවසීලන්තය ජයගෙන ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 09ක් පමණයි.

තරග එකොළහක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?