නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) පෙරවරුවේ සමත් වුණා.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ලකුණු 63කින්.

තරගයේ පස්වන සහ අවසන් දිනය වූ අද දිනයේ තරගය ජයගැනීමට නවසීලන්තයට ලකුණු 68ක් අවශ්‍යව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ජයගැනීම වෙනුවෙන් නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු 02ක් දවාගැනීමට තිබූ අතර, එම කඩුලු 02ක දවාගැනීමට අද දිනයේ ක්‍රියාත්මක වූ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබුනා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 305ක ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, ඊට පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිම සඳහා සියලන් දැවී ලකුණු 340ක් රැස් කළා.

අනතුරුව නවසීලන්තය පළමු ඉනිමට වඩා ලකුණු 35ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව ලකුණු 309ක් රැස් කළේ ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තය ලකුණු 275ක ඉලක්කයක් ලබා දෙමින්.

එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 211කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 63 කින් ජයගැනීම ශ්‍රී ලංකාව සමත් වුණේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50