නවගමුවේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

නවගමුව තුංඅඳහේන ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් යතුරු පැදියකින් පැමිනි පුද්ගලයන් දෙදෙනෙකු අදාල පුද්ගලයා නිවසින් රැගෙන ගොස් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ගලබොඩවත්ත, කොරතොට ප්‍රදේශයේ පිහිටි මෙම නිවසක ඊයේ රාත්‍රියේ යතුරු පැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබුණා.

ඔවුන් නිවැසියන්ට පවසා ඇත්තේ තමන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවයි.

පසුව නිවසේ රැඳී සිටි 34 හැවිරිදි බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නමැති පුද්ගලයා නිවසෙන් මදක් ඈතට රැගෙන ගොස් යතුරු පැදියේ නංවාගෙන කැඳවා ගෙන ගොස් තිබෙනවා.

නිවැසියන් යතුරු පැදිය ලුහුබැඳ ඇත්තේ ඒ පිළිබඳ ඇති වූ සැකය හේතුවෙන්.

යතුරු පැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව වැටීසිටියදී නිවැසියන්ට හමු වන්නේ ඒ අනුවයි.

නිවැසියන් තුවාලකරු අතුරුගිරිය රෝහලට ඇතුලත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු ඔහු මියගොස් තිබුණා.

ඝාතනයට ලක් වු පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී 2011 වසරේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් හා ගිනි අවියක් ලඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත ව සිටි පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් මෑතකදී පොලිසියට පැමිණිලි ලැබී නැහැ. මෙම ඝාතනයට හේතුව වෙතෙක් අනාවරණය වී නොමැති අතර නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?